Sunday, May 5, 2024

General line - 0115112241

අගමැතිගේ කතාව අතරේ ගාලගෝට්ටියක්! පාර්ලිමේන්තුව කල් තැබේ!




ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබද ඇති වූ වාදවිවාද හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවතින තත්ත්වය පිළිබද කරුණු දැක්වීමත් සමගයි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක, දිනේෂ් ගුණවර්ධන ඇතුළු විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වීමත් සමග සභාවේ උණුසුම් වුණා. ඒ හේතුවෙන් කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කළේ සභාවේ කටයුතු විනාඩි 
10 කට අත්හිටුවීමටයි. 

අනතුරුව සභාව යළි රැස් වුවද අදට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු අතරමග අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා මීට නොබෝ වේලාවකට පෙර තීරණය කළා. ඒ, විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් දිගින් දිගටම එල්ල වූ බාධා හේතුවෙන්. ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් කි‍්‍රයාත්මක කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම වාදවිවාද ඇති වුණා. සභාවේ කටයුතු සිදුකරගෙන යාමටද විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් බාධා කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු හෙට උදෑසන 10.30 දක්වා කල් තැබීමට කතානායකවරයා තීරණය කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියාසිටියේ.