Sunday, May 5, 2024

General line - 0115112241

LTTE ය නැත්තටම නැතිවෙයි!




යුරෝපා සංගමයට අයත් ඉහළ අධිකරණයක් මගින් එල් ටී ටී ඊ සංවිධානය තහනම් ත‍්‍රස්තවාදි ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. කෙසේවෙතත් පලස්තීනයේ හමාස් ත‍්‍රස්ත සංවිධානය වැනි සංවිධාන තවදුරටත් තහනම් ත‍්‍රස්තවාදී ලැයිස්තුව තුළ රැදවීමටයි එම අධිකරණය තීරණය කර ඇත්තේ.

2009 වසරේදී එල් ටී ටී ඊ ය පරාජයට පත්වීමෙන් පසු එම සංවිධානයේ ත‍්‍රස්ත කි‍්‍රයා පිළිබද තොරතුරු වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කළේ. ඉන් පැහැදිලි වන්නේ  එල්ටීටිඊ සංවිධානය ලෝකයේ ඇති දුර්වල සංවිධානයක් බවය. 

කෙසේවෙතත් එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධ පාර්ශව මුදල් එකතු කිරීම තවදුරටත් සිදුකරන බවට තොරතුරු වාර්තා වන බවයි එම අධිකරණය ප‍්‍රකාශ කර ඇත්තේ.

යුරෝපා සංගමයේ ශී‍්‍ර ලංකා සහ මාලදිවයින් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ යුරෝපා සංගමය තවදුරටත් එල් ටී ටී ඊ සංවිධානය තහනම් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන බවයි.