Saturday, May 4, 2024

General line - 0115112241

යාපනයේදී පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක් - පහර කෑ නිලධාරියා රෝහලේ




යාපනය තුන්නාලෙයි ප‍්‍රදේශයේ දී කිසියම් පිරිසක් පොලිස් නිලධාරියෙකුට පහරදී තිබෙනවා.

මෙම පහර දීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට චාවකච්චේරි රෝහලට ඇතුළත් කර සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කොඩිකාමම් පොලිසියට අනුයුක්ත නිලධාරියෙක්.

රාජකාරි නිමවා ඊයේ (26) රාත‍්‍රියේ නිවස බලා යමින් සිටිය දී ඔහු මෙම පහර කෑමට ලක්ව තිබෙනවා.

පහර දීම සිදු කර ඇත්තේ හතර දෙනෙකුගේ කණ්ඩායමක් බවටයි සැක කෙරෙන්නේ. කෙසේ වෙතත් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.