Sunday, May 5, 2024

General line - 0115112241

මංගල සාදය අතරේ "ඊයේ රෑ 11ට" තුනක් ළිඳට වැටී දිවි තොර වූ ශෝකාලාපය




මංගල සාදයක් අතරතුර සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඊයේ (26) රාත්‍රි 11.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

ගිරිඋල්ල අතුරුවෙල පිහිටි උත්සව ශාලාවක මෙම විවාහ මංගල්‍ය පවත්වා ඇති අතර එම භූමියේ පිහිටා තිබූ ළිඳකට වැටීමෙන් මෙම තිදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරුදායක ළිඳ ලෑලිවලින් වසා තිබූ එකක් බවද පළමුව එක් අයෙකු ළිඳට වැටීමෙන් ඔහුව බේරා ගැනීමට තවත් දෙදෙනෙකු කඹයක් සහ ඉනිමගක් ආධාරයෙන් ළිඳට බසිමින් සිටියදී ඔවුන් දෙදෙනාද ළිඳට වැටී දියේ ගිලී මරණයට පත්ව තිබෙනවා.

පසුව පැමිණි පිරිසක් තිදෙනාම ගොඩට ගෙන රෝහල් ගත කර තිබුණත් ඒ වන විටත් එම තිදෙනා මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අතුරුවෙල දඹදෙණිය පදිංචි 39 හැවිරිදි මහින්ද කරුණාරත්න, මාරවිට දඹදෙණියේ පදිංචි 38 හැවිරිදි නිසාල් ප්‍රසාද් අධිකාරි සහ මාරවිට දඹදෙණියේ පදිංචි 47 හැවිරිදි අජන්ත ලාල් කුමාර නැමැති පුද්ගලයින් තිදෙනෙක්.