බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළා යෑමට උත්සහ කළ රැඳවියෙකුට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
අද (27) පෙරවරුවේ අත්තනගල්ල අධිකරණ පරිශ්‍රයේදී මෙම සැකකරු පළා යෑමට උත්සහ ගෙන තිබුණා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැදවියා මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.