Tuesday, April 30, 2024

General line - 0115112241

දිල්රුවන් සටන්කාමී ඉණිමක - ශ්‍රී ලංකාව තවත් ලකුණු 328ක් පිටුපසින්




සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ඉණිම සවිමත් කිරීම සඳහා දිල්රුවන් පෙරේරා සටන්කාමී ඉණිමක නිරතව සිටිනවා. 

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම සඳහා කඩුලු 08ක් දැවී ලකුණු 289ක් ලබා සිටියා. 

ඒ, ඉන්දීය කණ්ඩායම පළමු ඉණිමට රැස් කළ ලකුණු 600ට පිළිතුරු වශයෙන්. 

නොදැවී පන්දුවට පහරදෙන දිල්රුවන් පෙරේරා හයේ පහර 04ක් සහ හතරේ පහර 10ක් සමඟි ලකුණු 90ක් ලබා සිටිනවා. 

අනෙක් අන්තයෙන් නොදැවී කඩුල්ලේ රැඳී  සිටින්නේ ලහිරු කුමාරයි. ඔහු නොදැවී ලකුණු 02ක් ලබා සිටිනවා. 

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 83ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියා.

ශ්‍රී ලංකාවට පිට පිට දෙවන ඉණිම සඳහා පන්දුවට පහරදීමෙන් වැළකී සිටීමට නම් තවත් ලකුණු 112ක් ලබාගත යුතුයි. 

ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්දීය පළමු ඉණිමට වඩා තවත් ලකුණු 311ක් පිටුපසින් සිටිනවා. ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.