Tuesday, April 30, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඉලක්කය ලකුණු 498ට නගී




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තුන්වන දිනය අදයි. 

අද (28) තරගය නතර කරන විට සිය දෙවන ඉණිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 189ක් ලබා ගෙන සිටියා. 

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වනවිට සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 498ක් ඉදිරියෙන්. 

පළමු ඉණිමේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 600ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව රැස් කර ගත්තේ ලකුණු 291ක් පමණයි. තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.