Monday, April 29, 2024

General line - 0115112241

කෝලිගේ පහරෙන් හේරත් ආබාධයකට ලක් වෙයි 




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේ තෙවැනි දිනය අවසාන වීමට ස්වල්ප මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක රංගන හේරත්ගේ වම් අතේ මැදගිල්ල ආබාධයකට ලක්වි තිබෙනවා. 

කෙසේ වෙතත් එය බරපතල නෙවන බවයි කණ්ඩායම් කළමනාකරණය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස රංගන හේරත් කටයුතු කරනවා. 

තරගයේ 36 වැනි පන්දුවාරයේදී විරාත් කෝලි එල්ල කළ පහරක් ෂෝට් එක්ස්ට්‍රාකවර්හිදී නැවැත්වීමට යාමේදි හේරත් ආබාධයකට ලක්ව තිබෙන්නේ.

ඉන් අනතුරුව ඔහු පිටියෙන් ඉවත්වූ අතර පසුව ඔහු එක්ස්රේ පරීක්ෂාවකට භාජනය කෙරිණි. 2014 වසරේදී බිඳීමකට ලක්වූ ඇඟිල්ලම මෙවරද ආබාධයකට ලක්ව තිබෙනවා.