Monday, May 6, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් වෙයි 




තද වැසි ඇද හැලීම හේතුවෙන් මහනුවර, කෑගල්ල, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවල ජනතාව නාය යාම් පිළිබඳ අවදානයෙන් කටයුතු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ නාය යාමේ ලක්ෂණ ඇති ස්ථාන වෙතොත් අදාළ ස්ථානවලින් වහාම ඉවත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. 

ඉකුක් පැය 24 තුළ අදාළ දිස්ත්‍රික්කවලට තද වැසි ඇදහැලී තිබෙනවා. 

යටියන්තොට, අබගමුව, කිතුල්ගල සහ වේවැල්වත්ත යන ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති වූ බවයි අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.