Sunday, May 12, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහිව දිමුත්ගෙන් අර්ධ ශතකයක් (UPDATE)




ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉණිම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සමත් වුණා. 

මීට නොබෝ වේලාවකට පෙර ඔහු නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 52ක්. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව  දැක්වුණේ කඩුලු 02කට ලකුණු 103ක් ලෙසයි. 
 

-----------------------------------

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට 550ක ඉලක්කයක් (29-07-2017 13:03)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ් සිව් වැනි දිනය අදයි. 

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉණිම වෙනුවෙන් කඩුලු 02ක් දැවී ලකුණු 85ක් ලබා සිටියා. 

ඉන්දියාව අද (29) දිනයේ සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 03කට ලකුණු 240ක් ලබා සිටියදී සිය ඉණිම අත්හිටවූවා. 

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 550ක්. 

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 44ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.