Tuesday, September 24, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව අධිකරණයට යනවා! වා.පො.සේ.සං




හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වූ ගිවිසුමට අද අත්සන් තැබුණේ ඇතැම් පාර්ශව තවදුරටත් ඊට විරෝධය පළ කරමින් සිටියදීයි. 

මෙම ගිවිසුම යටතේ හම්බන්තොට වරායේ තෙල් ටැංකි ද චීන සමාගමකට පවරා දීමට විරෝධය පළ කරමින් ඛණිජ තෙල් වෘත්තීය සමිති ඉකුත්දා වැඩවර්ජනයක ද නිරත වුණා. ඔවුන් එම වැඩවර්ජනය අත්හිටවූයේ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ලබන මස පළමු වනදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට ආණ්ඩුවෙන් ලැබුණු පොරොන්දුවක් හේතුවෙන්. කෙසේ වෙතත් ඊට පෙරාතුව අදාළ ගිවිසුමට අද අත්සන් තැබුණා. එසේ වුවත් ජනාධිපතිවරයා කෙරෙහි තවදුරටත් විශ්වාසය තබන බවයි ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටියේ. 

අදාළ ගිවිසුමට ආරම්භයේ සිටම විරෝධය පළ කළ තවත් පාර්ශවයක් වන්නේ වරාය පොදු සේවක සංගමයයි. ඉකුත් 27 වනදා වැඩවර්ජනයක් කැඳවීමට ද ඔවුන් කටයුතු කර තිබුණා. එම වැඩවර්ජනය ද අත්හිටවනු ලැබූයේ ලබන මස පළමු වනදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට ලැබුණු පොරොන්දුව හේතුවෙන්. 

ඒ අනුව ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග මොනවාදැයි නෙත් නිවුස් වාරය පොදු සේවක සංගමයෙන් ද විමසීමක් කළා. එහි සභාපති චන්ද්‍රසිරි මහගමගේ පැවසුවේ සියළු කණ්ඩායම් එකතුකර මීට එරෙහිව කටයුතු කරනා බවය. අධිකරණය වෙත යාමටද සූදානම් බව පැවසූ ඔහු ගිවිසුමක් අත්සන් කළ පමණන් එය ක්‍රියාත්මක කළ නොහැකි බවද පවසනවා. 

වාරය පොදු සේවක සංගමයේ මෙහෙයවීමෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් පිරිසක් අදත් උද්ඝෝෂණයක නිරත වුණා.