Tuesday, September 24, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය සේවකයන්ගේ අයිතිවාසිකම් සුරකින්න! නාමල් කම්කරු ඇමතිගෙන් ඉල්ලයි




චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ එච් අයි පී ජේ සහ සී යූ එෆ් යන මෙහෙයුම්කරුවන් සමග අද අත්සන් තැබූ ගිවිසුමෙන් හම්බන්තොට වරාය වඩා ක‍්‍රියාකාරී ඵලදායා ආයෝජනයක් බවට පත්වනු ඇතැයි ආණ්ඩුව පවසනවා. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ මෙම ගිවිසුම හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන සමාගමක් සමග අත්සන් තැබූ මුල් ගිවිසුමට ද වඩා ශ‍්‍රී ලංකාවට වාසිදායක බවයි. 

නව ආයෝජනය සඳහා චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් සමාගම තෝරා ගැනීමට හේතුන් ද මෙහිදී පැහැදිලි කෙරුණා. ඒ, ගෙවීමට ඇති ණය හේතුවෙන් හම්බන්තොට වරාය තවදුරටත් රජය යටතේ පමණක් පවත්වාගෙන යාමට නොහැකි බවද පෙන්වා දෙමින්. 

මේ අතර කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී ජාතික නිදහස් පෙරමුණ කියා සිටියේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අද අත්සන් තැබුණු ගිවිසුම මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු එක නොවන බවයි. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර.

කරුණු සඟවා අත්සත් තැබීම හේතුවෙන් අද අත්සන් තැබුණු ගිිවිසුම නීති විරෝධී බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර හම්බන්තොට වරායේ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ඝෘජුව මැදිහත්වන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනවිරත්නගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අද අත්සන් තැබුණු ගිවිසුම සකස් කර ඇත්තේ අදාල පාර්ශව සමග ප‍්‍රමාණවත් සාකච්ඡාවක් සිදු නොකර බවද ඒ නිසා හම්බන්තොට වරායේ සේවකයින්ගේ අයිතිවාසිකම් තර්ජනයට ලක්විය හැකි බවද මන්ත‍්‍රීවරයා අමාත්‍යවරයා වෙත යැවූ ලිපියක ස`දහන්.