Tuesday, September 24, 2024

General line - 0115112241

විද්‍යා ඝාතන නඩුවෙන් එල්ල වුණ චෝදනාව ගැන විජයකලා කතා කරයි




යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට තමන්ගේ නමද ඈඳා ඇතැයි කිසිඳු නිල දැනුම් දීමක් මේ දක්වා නොලැබුණු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසනවා.

අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් බැවින් ඊට අදාළව කිසිඳු ප‍්‍රතිචාරයක් ද දැක්විය නොහැකි බවයි නෙත් නිවුස් කළ විමසීමක දී ඇය කියා සිටියේ. 

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් ද ප‍්‍රකාශයක් ලබා ගන්නැයි කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. ඒ, එම අපරාධය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ නීතිඥවරුන් අධිකරණයේ දී කළ ප‍්‍රකාශයක් සැලකිල්ලට ගනිමින්.

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් නමැත්තාට පොලිසිය මගහැර සිටීමට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් උදව් දී ඇති බවයි එහිදී ප‍්‍රකාශ වී ඇත්තේ.