Tuesday, September 24, 2024

General line - 0115112241

"රජයේ ප‍්‍රතිපත්ති සම්පාදනය කිරිමට වෘත්තිය සමිතිවලට ඉඩක් නෑ"




රජයේ ප‍්‍රතිපත්ති සම්පාදනය කිරිමට වෘත්තිය සමිතිවලට ඉඩක් නැතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ මහජනතාවට පමණක් ඒ සඳහා අවස්ථාවක් තිබෙන බවයි.  

‘‘නිළ මෙහෙවර‘‘ වැඩසටහන යටතේ කුරුණැගල පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටිියා.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අත්සන් කෙරුණු ගිවිසුම පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.

එහිදී ඔහු සඳහන් කළේ  හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අත්සන් කෙරුණු ගිවිසුම විවේචනය කරන බොහෝ පිරිස් දකින්නේ එක් පැත්තක් පමණක් බවයි. ඔවුන් කවුරුත් මෙම වරාය නිසා ගෙවීමට සිදුව ඇති ණය කන්ද ගැන කිසිවක් කතා නොකරන බවද සඳහන් කළා.