Tuesday, September 24, 2024

General line - 0115112241

ඩෙංගු මදුරුවන්ගේ කීට ඝණත්වය ගැන සුබ ආරංචියක්




ඩෙංගු මදුරුවන්ගේ කීට ඝණත්වය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රට පුරා අඛණ්ඩව සිදු කෙරුණු ඩෙංගු මර්දන මෙහෙයුම් ඊට හේතු වී ඇති බවයි එහි සභාපති නජිත් සුමනසේන කියා සිටියේ.

ඩෙංගු මර්දනය සඳහා සක‍්‍රීයව පෙරට පැමිණි පළමු මාධ්‍ය ආයතනය නෙත් එෆ්. එම්. රේඩියෝවයි. සාකච්ඡාවලට හෝ වෙනත් අය විවේචනය කිරීමට සීමා නොවී මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කරමින් ඩෙංගු මර්දනයට තම තමන් පෞද්ගලිකව මැදිහත් වන්නැයි නෙත් එෆ්. එම්. රේඩියෝව යෝජනා කළා. 

වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකල්පය යටතේ රට පුරා ඩෙංගු මර්දන මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමට නෙත් එෆ්. එම්. රේඩියෝව කටයුතු කළේද ඒ අනුවයි.

මෙයින් දිරිමත්ව බොහෝ ප‍්‍රජා සංවිධාන සහ වෙනත් පාර්ශ්ව ද ඩෙංගු මර්දන මෙහෙයුම් සිදු කළා. ඩෙංගු යනු ජාතික ව්‍යසනයක් බව හඳුනාගෙන සියලූ දෙනා එක්වී ඩෙංගු මර්දන මෙහෙයුම් සිදු කෙරුණේ ඒ ඔස්සේ යමින්.