Tuesday, September 24, 2024

General line - 0115112241

සෞඛ්‍ය ඇමතිගෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ට අවස්ථාවක්




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම සාකඡ්චාව සූදානම් කර තිබෙනවා.

ඒ අනුව හෙට (31) දින සවස 3.00 මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

සාකච්ඡාවට අදාළ කරුණු පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ නමුත් පසුගිය දිනවලදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනය කරමින් සඳහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සයිටම් ගැටලුව සම්බන්ධයෙන් දක්වන සාධනීය ප්‍රතිචාර සම්පූර්ණයෙන් කඩාකප්පල් කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බවයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දකිමින් පසුගිය සෑම මාධ්‍ය හමුවකදීම ඔවුන් විවිධ අදහස් ද පළ කර සිටියා.