Tuesday, May 7, 2024

General line - 0115112241

මුහුදේ ගිලිණු දෙදෙනෙකු බේරා ගනී (PHOTO)




ගෝපාල්පුරම් මුහුදු ප‍්‍රදේශයේ දී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගෙන තිබෙනවා. 

ඒ, නිලාවේලිහි පිහිටි ශ‍්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයින් විසින්. 

මෙලෙස බේරාගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසු වූ කල්මුනේ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. 

ඔවුන් මුහුදේ දියනෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණපෑවා.