Tuesday, September 24, 2024

General line - 0115112241

නායයෑම් නිසා රත්නපුර හා මාතර ජනතාව ඉවත් කෙරේ 




රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක වලට නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ අවදානම් සහිත ප්‍රදේශවල සිටින ජනතාව දැනුවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙන බවයි.

නායයෑම් සම්බන්ධයෙන් ඇති විය හැකි පූර්ව ලක‍ෂණ පිළිබද ජනතාව අවදානයෙන් සිටිය යුතු බවද ප්‍රකාශ කෙරුණා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි අපේක‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව සහ වයඹ යන පළාත්වලට වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි. 

නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් සවස දෙකෙන් පසු වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. 

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං තත්ත්වයක්ද ඇති විය හැකියි. 

දකුණු පළාතේ ස්ථාන කිහිපයකට පැයට කිලෝමීටර 40 - 50 ත් අතර තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.