Tuesday, September 24, 2024

General line - 0115112241

ඛනිජ තෙල් සේවකයන් ජනපති හමුවට




ඛනිජ තෙල් සේවක වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (01) දහවල් පැවැත්වෙනවා. 

ඒ, ජනාධිපති මන්දිරයේදීයි. ඛනිජ තෙල් සේවකයන් ඉකුත්දා කළ වැඩවර්ජනය අත්හැර දැමුවේ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදීමෙන් පසුවයි. 

කෙසේවෙතත් තවදුරටත් තමන් ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව පිළිබඳ විශ්වාසයෙන් සිටින බවයි ඛනිජ තෙල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඩි.ජේ රාජකරුණා සඳහන් කළේ.

මේ අතර කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වා ඉන්ධන ඛෙදාහැරීමේ කටයුතුවලට බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක ඇතුළු වෘත්තීය සමිති නායකයන් දහසය දෙනෙකුට ඊයේ වරෙන්තු නිකුත් කෙරුණා. 

කොළඹ ඇතුළු තදාසන්න නගරවල ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ රාත්‍රීයේ සිට තරමක දිගු පෝලිම් ද දක්නට ලැබුණා.