Tuesday, September 24, 2024

General line - 0115112241

දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට සී.අයි.ඩි. ය යාපනයට




දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙනවා.

එම්.කේ සිවාජිලිංගම්, එම් ත්‍යාගරාජා සහ එස් පසුපතිපිල්ලේ යන මන්ත්‍රීවරුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

යාපනය පොලිස් ස්ථානය තුළදී මෙම ප්‍රශ්න කිරීම් සිදු කෙරුණා. 

ඒ සම්බන්ධයෙන් එම්.කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් සංචාරයට එරෙහිව තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රශ්න කළ බවයි එම් කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියාසිටියේ.