Tuesday, September 24, 2024

General line - 0115112241

යාපනයේ ප්‍රහාරය ගැන ඇමතිගෙන් කැබිනට් මණ්ඩලයට වාර්තාවක් - පොලිස්පති යාපනයේ නවතී




යාපනය කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඉකුත්දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අද (01) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදි සාකච්ඡා කිරීමට නියමිතයි. 

සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදු කෙරුණු විමර්ශනවල වාර්තාවක් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක විසින් එහිදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරනු ඇති.

ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හත් දෙනෙකු මේ වනවිට හදුනාගෙන තිබෙනවා. 

ඔවුන්ගේ ප්‍රධාන සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු මෙන්ම "ආවා" කල්ලියේද සාමාජිකයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ. 

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර යාපනයේ සංචාරයක නිරත වූ පොලිස්පති පූජිත් ජයසුන්දර ඊයේ රාත්‍රීයේ යාපනයේම නවාතැන් ගෙන තිබෙනවා. 

පොලිස් ආරංචිමාර්ග පැවසුවේ ඔහු අද දිනයේද අදාළ පහරදීමේ සිද්ධිය පිළිබඳ කෙරෙන විමර්ශන පිළිබඳ අවධානයෙන් සිටිනු ඇති බවයි. 

එමෙන්ම යාපනයේ ප්‍රදේශ කිහිපයකද පොලිස්පතිවරයා අද දිනයේ සංචාරය කිරීමට නියමිතයි.