Tuesday, September 24, 2024

General line - 0115112241

රුසියාවෙන් සහ අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්




ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්ස්සැන්ඩර් ඒ කර්චාවා සහ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක හමුවී සාකච්ඡා කර තිබෙනවා. 

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ රටවල් අතර මිත්‍රශීලි බැදීම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරුණු බවයි. 

මිත්‍රශීලි රටක් ලෙස රුසියාව තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව තානාපති ඇලෙක්ස්සැන්ඩර් ඒ කර්චාවා මෙහිදී ප්‍රකාශ කළා. 

අමෙරිකානු තානාපති අතුල් කේෂාප් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනජීවිත ශක්තිමත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් සහාය ලබාදෙන බවයි.