Tuesday, September 24, 2024

General line - 0115112241

කෝපායිහිදී පොලීසියට පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට




කෝපායි, කොන්ඩාවිල් ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (01) උදැසන අත්අඩංගුවට ගැණුනා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ එක් සැකකරුවෙකු තිවරාසා මධූෂන් නොහොත් මධු නමැත්තෙකු බවයි. 

විසි හැවිරිදි ඔහු නල්ලූර් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය පොලීසියේ නිලධාරින් විසින්. 

විජයරත්නම් සිවරාජ් නමැති 23 හැවිරිදි අනෙක් සැකකරු මනිපායි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. 

ඔහු අත්අඩංගුවට ගැණුනේ කෝපායි ප‍්‍රදේශයේදීයි. සැකකරුවන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.