Tuesday, September 24, 2024

General line - 0115112241

වතුකරයේ දේශපාලඥයින් ජාත්‍යන්තර පොලිසියේ පිහිට පතයි




යාපනයේ පදිංචිව සිට ජර්මනියට පැන ගොස් එහි පුරවැසිභාවය ලබාගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා දෙන්නැයි වතුකරයේ දේශපාලඥයින් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ පුද්ගලයා ඉන්දීය සම්භවයක් ඇති වතුකරයේ හින්දු ජනතාවට සහ ඔවුන්ගේ දරුවන්ට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ විවිධ අපහාසාත්මක ප‍්‍රකාශ සිදු කරන බවයි. 

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක‍්‍රිෂ්ණන් ඇතුළු පිරිසක් නුවඑරළිය දිස්ත‍්‍රික් නියෝජ්‍ය පොලිස්පති වෙත පැමිණිල්ලක් ද කර ඇති බවයි වාර්තා වන්නේ. 

එහි පිටපතක් පොලිස් මූලස්ථානය වෙත ද ලබාදී තිබෙනවා. 

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන මෙරට අධිකරණයක් හමුවේ නඩූ පැවරීමට කටයුතු කරන ලෙසයි වතුකරයේ දේශපාලඥයින් ඉල්ලා ඇත්තේ.