Tuesday, September 24, 2024

General line - 0115112241

ජනපති මිය යන දිනය අනාවැකියකින් කියූ ජ්‍යොතීර්වේදියාට වෙන්න යන දේ




අන්තර්ජාලය ඔස්සේ ජනාධිපතිවරායට එරෙහිව අදහස් පළ කළ ජ්‍යොතීර්වේදියෙකු ලෙස හඳුන්වන විජයමුණි විජිත් රෝහණට එරෙහි නඩුව අද (01) යළි කැඳවනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ඔහුට එරෙහිව ගත යුතු ඉදිරි නීතිමය පියවර පිළිබඳ දැනගැනීමට, අදාළ විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

අන්තර්ජාලය ඔස්සේ ජනාධිපතිවරයා මිය යන දිනයක් අනාවැකියක් ලෙස සඳහන් කරමින් මහජනයා තුළ කැළඹීමක් ඇති කිරීමේ වරදට ඔහු ඉකුත් දා අත්අඩංගුවට ගත් අතර පසුව ඇප මත මුදා හැරුණා.

සිද්ධියට අදාල නඩුව නොවැම්බර් 28 යළි කැඳවීමට නියමිතයි.