Monday, May 6, 2024

General line - 0115112241

මම එක්ක හිටිය සියලුම දෙනාට ස්තූතියි..හැඟීම වචන වලින් කියන්න බෑ"-හරීන් පාර්ලිමේන්තුව අත්හැරීම ගැන කතා කරයි 




තමන් පාර්ලිමේන්තුවෙන් සමුගෙන පසුගිය රජය පරාජය කිරීමේ ගමන අරඹා වසර තුනක් ගතවූ මේ අවස්ථාවේ දැනෙන හැඟීම් වචනයෙන් විස්තර කිරීමට අපහසු බව අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු  පවසනවා.


2014වසරේ අද වැනි දිනයක ඔහු  ඌව පළාත් සභාවට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු අසුනින් ඉල්ලා අස් වුණා.

මේ පිළිබඳව ෆේස්බුක් ගිණුමේ සටහනක් එක්කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ බාධාවන් රැසක් ඉදිරියට එනු ඇති බවයි.

එනිසා ගමන නිම නොවනු ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ඌව මහ ඇමති සටනට පිවිස ඔහු මනාප 173993ක් ලබා ගත්තා.එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මනාප  96619ක් ලබා සිටියා.

අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු  තබා ඇති ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.

"අවුරුදු තුනක් ගතවුනා කියල විශ්වාස කරන්නත් බෑ
මට දැනෙන හැඟීම වචන වලින් කියන්න බෑ
ගමන අවසාන වෙලා නෑ
බාධාවන් රැසක් ඉදිරියට එයි
මෙතක් කල් මම එක්ක හිටිය මාට සහය වූ සියලූම දෙනාට ස්තූතියි.
එක්කෙනෙක් වත් මම අමතක කරල නෑ."