Tuesday, September 24, 2024

General line - 0115112241

ඇමති රවී තීරණයක් ගන්න සූදානම්




තමන් සම්බන්ධයෙන් මේ දිනවල පළ වන බොහෝ අදහස් තමන්ගේ චරිතය ඝාතනය කිරීමට දරණ උත්සහයක් බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන කළ යුත්තේ කුමක්දැයි ඉදිරියේදී තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව චෝදනා එල්ල වී තිබීම පිළිබඳව නෙත් නිවුස් අමාත්‍යවරයාගෙන් කළ අදහස් විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.

සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බවද අමාත්‍ය රවී කරුණානායක මෙහිදී වැඩි දුරටත් අවධාරනය කළා.