Tuesday, September 24, 2024

General line - 0115112241

මොරගහකන්දෙන් ජනපති දකින විසඳුම




රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ දී ගොවි ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමට ආණ්ඩුව ප‍්‍රමුඛතාවක් ලබාදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ අරලගංවිල ශ‍්‍රී ජේතවනාරාම විහාරස්ථානයේ ඊයේ (05) පැවති උත්සවයකදීයි.

මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය නිමා වීමෙන් පසු ප‍්‍රදේශ ගණනාවක ජල හිඟය සම්පූර්ණයෙන් මග හැරී යනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

අරලගංවිල ශ‍්‍රී ජේතවන විහාරස්ථානයේ ඉදි කෙරුණු අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.