Tuesday, September 24, 2024

General line - 0115112241

මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ප්‍රථම හදවත් බද්ධයට මුහුණ දුන් රෝගියාගේ දැන් තත්ත්වය මෙන්න (PHOTOS)




මෙරට සෞඛ්‍ය ඉතිහාසය නව අකුරෙන් ලියවෙන සැත්කමක් මහනුවර මහ රෝහලේ දී පසුගියදා සිදු වුණා.

ඒ අනුව මහනුවර මහ රෝහලේ ප්‍රථමවරට සිදු කරන ලද හදවත් බද්ධ කිරමේ සැත්කමට භාජනය වූ එම රෝගියා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවනවා.

අනුරාධපුරයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකට මෙම හදවත් බද්ධය සිදු කර තිබුණා.

ඇයගේ හදවත සියයට 12ක් පමණ අකර්මණ්‍ය වී තිබූ බවත් මොළය මිය ගිය 24 හැවිරිදි තරුණයෙකුගේ හදවතක් ඇයට බද්ධ කළ බවත් රෝහල්  අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුණා.

එම රෝගියාගේ සුවදුක් විමසීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (05) එහි පැමිණියා.

අක්මා, පෙනහළු, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් කොළඹ දී ආරම්භ කර තිබුණත්  හදවත් බද්ධ සැත්කම් ඒ වන විට කොළඹ ජාතික රෝහලේ දී ආරම්භ කිරීමටයි සැළසුම් කර තිබුණේ.

නමුත් ඊට ප්‍රථමව මහනුවර මහ රෝහලේ දී අවම පහසුකම් යටතේ හදවත් බද්ධ සැත්කමක් සිදු කිරිම සාර්ථක කර ගැනීමට එම රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායම සමත් වුණා. වෛද්‍ය ක්ෂේත්‍රය පවා මෙය හඳුන්වන්නේ විශ්මකර්ම සැත්කමක් ලෙසිනි.

රිය අනතුරිකින් මොළය මියගිය උඩුනුවර හෙක්ටයාර් ජනපදයේ පදිංචි 22 හැවිරිදි ප්‍රදීප් කුමාර සම්පත්ගේ හදවත මෙලෙස බද්ධ කිරීම සඳහා ලැබී තිබුණා.

 

(සැත්කම සඳහා හදවත ලබාගත් 22 හැවිරිදි ප්‍රදීප් කුමාර සම්පත්ගේ ඡායාරූපය පහතින් දැක්වෙයි)