Tuesday, September 24, 2024

General line - 0115112241

උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධූර සියල්ල මාරු කරන්න යයි




උතුරු පළාත් සභා අමාත්‍යධූර සියල්ල මාරුකොට පළාත් අමාත්‍යධූර සඳහා නව පුද්ගලයින්  පත් කිරීමට දෙමළ ජාතික සන්ධාන නායකයින් හා විග්නේශ්වරන් තීරණය කළ බව ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් පෙන්වා දෙනවා.

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායකයින් හා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් අතර ඊයේ (05) සවස යාපනයේ පිහිටි ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්වු විශේෂ සාකච්ජාවේදී එලෙස තීරණය කළ බවද අඩෙක්කලනාදන්  කියා සිටියා.

සාකච්ඡාවන් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ට අමතරව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේ‍රමචන්ද්‍රන්, ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියා.

සාකච්ජාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අඩෙක්කලනාදන් වැඩි දුරටත් පැවසූවේ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ අමාත්‍යධූරය හැර අනෙකුත් සියලු අමාත්‍යධූරයන් මාරු කිරීමට එකඟ වී ඇති බවයි.

පළාත් සභාවේ ධූර කාලය තවත් වසරක පමණ කාලයක් පවතින බැවින් ගැටලු ඇති නොකරගෙන පළාත් සභාව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී ආර්. සම්බන්ධන් විසින් සී.වී. විග්නේශ්වරන්ව දැනුවත් කර තිබෙනවා.