Tuesday, September 24, 2024

General line - 0115112241

පළමු වරට මහින්ද පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙන්න සූදානම්




අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනවට තමන් ද ඡන්දය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ ඔහු විසින් මීට පෙර කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ගාල්ලේ ඊයේ (05) රාත‍්‍රියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින්.

වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම් කිසිවකදී තමන් ඡන්දය ප‍්‍රකාශ කර නොමැති බවයි මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ.

"මම බොහොම කැමැත්තෙන් ගිහින් රවීට විරුද්ධව විතරක් නෙමෙයි මේ ආණ්ඩුවටම විරුද්ධව ඡන්දය භාවිතා කරනවා. මේක කාටවත් මඟ හරින්න බෑ.. ඔහුව රකින්න හදපු සියලු දෙනාත් වගකියන්න ඕනේ. මම හිතන්නේ මම ආවට පස්සේ මේකෙදි තමයි ඡන්දයක් දෙන්නේ. හුගක් අයත් මේකෙදි ඡන්දය භාවිතා කරයි."

ඒ අනුව අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ලබාදෙන ඡන්දය වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමක දී තමන් ලබාදෙන පළමු ඡන්දය වන බව ඔහු ගාල්ලේ දී පැවැසුවා.

කෙසේවෙතත්  මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර සඳහන් කලේ "මගේ මතය වැදගත් නෑ..මම ඡන්දය දෙන්න යන්නේ නෑ" යනුවෙනි.