Tuesday, September 24, 2024

General line - 0115112241

සිව්වන රන්දෝලි පෙරහැර අද




මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහැර අද (06) රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

පෙර දිනවල දී මෙන්ම ඊයේ (05) දිනයේදීත්  තුන්වැනි රන්දෝලි පෙරහැර දැක බලා ගැනීම සඳහා ද විශාල පිරිසක් මහනුවරට පැමිණ සිටියා.

මේ දිනවල පැවැත්වෙන මහනුවර ඇසළ මංගල්‍යයේ පෙරහැර අවස්ථාවල දී මහජනතාව හැසිරවීම සඳහා පොලස් නිලධාරීන් සමග ප‍්‍රජා පොලිස් කමිටුවල සාමාජිකයින් ද යොදවා ඇතැයි පොලිසිය පැවසුවා.

රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවකයින්, විශ්ව විද්‍යාල සිසුන් සහ පාසල් සිසුන් ද ඊට ඇතුළත්.
ඔවුන් ප‍්‍රජා පොලිස් කමිටුවේ ලාංඡනය සමග "ප‍්‍රජා කමිටුව - මහනුවර" ලෙස සඳහන් නිල් පැහැති ටී ෂර්ට් සහ හිස්වැසුම් පැළඳ සිටින බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මින් ඉදිරියට පෙරහැර වැනි වෙනත් විශේෂ අවස්ථා සඳහා ද මහජනතාව හැසිරවීමට ප‍්‍රජා පොලිස් කමිටුවල සාමාජිකයින්  යොදවා ගැනීමටයි පොලිසිය අපේක්ෂා කරන්නේ.  

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයට මෙවරත් නෙත් එෆ් එම් රේඩියෝව බැතිබර දායකත්වය ලබා දෙනවා.