Tuesday, September 24, 2024

General line - 0115112241

පිහි රැගෙන දළදා පෙරහැර නැරඹීමට පැමිිණි පුද්ගලයන් කොටු වෙයි




උල් පිහි 02ක් රැගෙන මහනුවර ශ්‍රී දළදා මාලගාවේ ඇසල පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් නිළධාරීන් කළ ශරීර පරීක්ෂාවකදී මෙම උල් පිහි දෙක සොයා ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

මෙම උල් පිහි දෙක ගෙන ආ හේතුව හෙළි නොකළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. 

දළදා පෙරහැර නැරඹිමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිත විශේෂ ආරක්ෂා වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි.