Tuesday, September 24, 2024

General line - 0115112241

ඒ 9 ප්‍රධාන මාර්ගයේ දී දෙදරු මවක් මරුට




දඹුල්ල - මාතලේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ ලෙන දොර පාසල ඉදිරිපිට අද (06) දහවල් සිදුවූ රිය අනතුරකින් දෙදරු මවක් ජීවිතක්ෂයට පත් වුණා. 

අනතුර සිදු වුයේ කුඩා ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්. 

ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ තිදෙනෙකු අනතුරින් බරපතල  තුවාල ලැබුවා. 

අදාළ කාන්තාව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන්  පසු මිය ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.   

මිය ගොස් ඇත්තේ පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්. 

ඇගේ සැමියා සහ එකොළොස් හැවිරිදි පුත්‍රයාද අනතුරින් බරපතල තුවාල ලැබුවා. 

ඔවුන් සමග ත්‍රිරෝද රථයේ ගමන් ගත් 14 හැවිරිදි පුත්‍රයාට අනතුරින් කිසිදු හානියක් සිදුව නැහැ. 

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.