Tuesday, September 24, 2024

General line - 0115112241

නිවසේ සිදු වූ මුදල් ගනුදෙනුව රහසක් නොවෙයි.. - මහේන්ද්‍රන්ගේ නිවසේ සිදු වූ කුමන්ත්‍රණයක් හිටපු ජනපති හෙළි කරයි




ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිංගප්පූරුවේ පිහිටි නිවසේ කුමන්ත්‍රණයක් සිදු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. 

තංගල්ල කාල්ටන් නිවසේ දී  මාධ්‍යවේදීන් අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

ඔහු එහිදී කියා සිටියේ  අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේදී සිදු වූ මෙම මුදල් ගනුදෙනුව දැන් රහසක් නොවන බවයි. 

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිංගප්පූරුවට ගොස් රැගෙන ආ ගමන් මළුවල තිබුණේ මොනවාද යන්න බොහෝ පිරිස් දැන් ප්‍රශ්න කරමින් සිටිනවා. 

බැඳුම්කර සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම නිසා යම් යම් කරුණු වර්තමානයේ ජනතාවට හෙළදරව් වෙමින් තිඛෙන බවයි හිටපු ජනාධපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ. 

මහ බැංකු බැඳුම්කර සිද්ධිය මෙන්ම සිංගප්පූරුවේදී සිදු වූ කුමන්ත්‍රණය පිළිබඳවද සොයා බැලිය යුතු බවන ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.