Tuesday, September 24, 2024

General line - 0115112241

උතුරේ අමාත්‍ය ධුර සියල්ල මාරු කෙරෙයි ?




උතුරු පළාත් සභා අමාත්‍ය ධුර සියල්ල මාරු කොට ඒ සඳහා නව පුද්ගලයින් පත් කිරිමට දෙමළ ජාතික සන්ධාන නායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී විග්නේෂ්වරන්ගේ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. 

මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ නායකයින් සහභාගි වි සිටියා.  

මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය අමතමින් ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් පැවසුවේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය හැර සියළු අමාත්‍ය ධුර වෙනස් කිරිමට මෙහිදී එකඟතාවකට පැමිණි බවයි. 

පළාත් සභාවේ ධුර කාලය තවත් වසරක පමණ කාලයක් පවතින බැවින් ගැටළු නිරාකරණය කොට උතුරු පළාත් සභාව ඉදිරියට පවත්වාගෙන යාම පක්ෂ නායකයින්ගේ අරමුණ වී තිබෙනවා.