Tuesday, September 24, 2024

General line - 0115112241

අඹුසැමි යුවලක් සමග ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලෙයි (PHOTOS)




මස්කෙළිය සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් අඹුසැමි යුවල තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අද (06) පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩි කැන්දගොල්ල ප්‍රදේශයේදී. 

ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ත්‍රීරෝද රථය අඩි තිහක් පමණ ප්‍රපාතයට පෙරලී තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතල නිසා ඇය මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර තිබෙනවා. 

අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනාම මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ පදිංචිකරුවන් බවයි අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන නොර්වුඩි පොලිසිය පවසන්නේ.