Tuesday, September 24, 2024

General line - 0115112241

ලොරියක් පෙරළීම නිසා අධිවේගයේ රථවාහන ධාවනයට බාධා




දක්ෂිණ අධිවේගී මාර්ගයේ 03වන කිලෝ මීටර් කණුව අසළ අද (06) පස්වරුවේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. 

ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බවයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමණාකරණ අධ්‍යක්ෂ එස් ඕපනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මේ හේතුවෙන් කොළඹ දෙසට පැමිණෙන වාහන කහතුඩුව පිටවීම් දොරටුවෙන් පිටකරන බවද ඔහු සඳහන් කළා. 

අනතුරට ලක්වූ ලොරි රථය ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.