Tuesday, September 24, 2024

General line - 0115112241

සොරුන් ආරක්ෂා නොකරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්




වත්මන් ආණ්ඩුව සොරුන් ආරක්ෂා නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙකත් සොරුන්ගේ පක්ෂයක් නොවන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. හැටන් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඉකුත් ආණ්ඩු සමයේ සිදුවූ වංචා දූෂණ සොයා බැලීම සඳහාද ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.