Tuesday, December 17, 2024

General line - 0115112241

ආණ්ඩු පෙරළන්නත් අපි ඕනි.. මාධ්‍යයට සියලු දේ ප්‍රකාශ කරනවා..කරන වැඩ කියන්න දන්නේ නැහැ - රාජිතගෙන් ප්‍රකාශයක් 




යහපාලන රජයට විවිධ විවේචන එල්ල වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කටින් වාචාලකම් දොඩවන අය පමණක් සිටින බවයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුරාධපුර නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) දහවල් එක්වෙමින් අමාත්‍යවරයා මේබව කියා සිටියා.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - 

"යහපාලන රජයට විවිධ විවේචන එල්ල වනවා. අපේ රජයේත් ඉන්නේ පසේ  බුදුවරු, කරන වැඩ කියන්න දන්නේ නැහැ. මම බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල ප්‍රවෘත්ති සාකච්ඡාවේ  දී රජය ආරක්ෂා කරමින් මාධ්‍යයට සියලු දේ ප්‍රකාශ කරනවා. 

අපි ඉන්නකම් යහපාලන රජය පෙරලා දැමීමට කාටවත් අවස්ථාවක් ලැඛෙන්නේ නැහැ. කටින් වාචාලකම් දොඩවන අය තමයි ඉන්නේ. රජය ආරම්භ කළ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයනවා. 

වසර 2020 න් පසු 2025 දක්වාත් මෙම රජය ඉදිරියට ගමන් කරනවා. රජය පෙරලා දැමීමට කෑ ගහන අය එවිට  ඉන්නේ බන්ධනාගාරවල. වසර 2025 දී තමයි අපි තීරණය කරන්නේ නව රජයක් බිහි කරනවා ද නැද්ද කියලා. එම නිසා රජය පෙරලාදමන්න කාටවත් බැහැ. පෙරලා දමන්නත් අපි ඉන්න ඕනි. ඒක තමයි යථාර්තය "

මෙම අවස්ථාවට ළමා හා වනිතා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර , උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය හේරත් බණ්ඩාර ඇතුලු මන්ත්‍රිවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ සහ  කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි  ඇතුලු  පිරිසක් එක්ව සිටියා.