Sunday, May 12, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාස් ගලවයි - හිටපු සුපිරි පන්දු යවන්නෙක් පුහුණුකරු ලෙස ගෙනෙයි

කසුන් කැලුම්




ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි උසස් නිලධාරියෙකු Neth Sportsmen වෙත කියා සිටියේ ඉන්දීය සංචාරයෙන් පසු මෙම පත් කිරීම සිදු කරන බවයි.

දැනට වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස් 19 න් පහළ කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස අනුයුක්ත කෙරෙනු ඇති.

රුමේෂ් රත්නායක 2001 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වශයෙන් ද කටයුතු කළා.

ඔහු කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු වශයෙන් ද කටයුතු කර තිබෙනවා. රුමේෂ් රත්නායක සැලකෙන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම වේග පන්දු යවන්නෙකු ලෙසයි.