Tuesday, September 24, 2024

General line - 0115112241

රවීගේ ඉරණම පක්ෂ නායකයින් අතට යයි




හෙට (08) දිනයේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේ දී අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

හෙට පස්වරුවේ පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන්නේ කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන්.
විශ්වාසභංග යෝජනාවට දින නියම කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට කඩිනමින් දිනයක් ලබාගැනීම සඳහා හෙට දිනයේ හැකිවනු ඇති බව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවා.

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද ප‍්‍රකාශ කළේ අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පාර්ලිමේන්තු කණ්ඩායමට පැවරී ඇති බවයි.

මේ අතර සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ද හෙට පස්වරු 6.30ට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සමාප්ති උත්සව කටයුතුවලට ජනාධිපතිවරයා සහභාගී වන බැවින් අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙලෙස හෙට පස්වරුවේ පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.