දෙමළ ජනතාව වෙනුවෙන් හා උතුරු නැගෙනහිර පළාත් සඳහා ස්වයං තීරණ අයිතිය හිමිවිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.
ඔහු කියා සිටියේ රට නව දිශාවකට ගමන් කරමින් සිටින මේ මොහොතේ දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය ලබාදීමට ද ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.
යාපනය විශ්ව විද්‍යාලයේ පැවති 13 වන ලෝක තමිලාරච්චි උත්සවයේ දෙවැනි දින ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙරට දෙමළ ජනතාවගෙන් සියයට පනහකට වැඩි පිරිසක් වෙනත් රටවල ජීවත් වන බවයි. එම තත්ත්වය කඩිනමින් වෙනස් කළ යුතු බවද විපක්ෂ නායක ආර් සම්බන්ධන් කියා සිටියා.
දෙමළ ජනතා සංස්කෘතික ව්‍යාපාරය ලෙස තමිලාරච්චි මානාඩු වැඩසටහන 1974 වසරේ ඉන්දීයාවේදී ආරම්භ කළ අතර, 1977 වසරේ මෙරට තුළ පවත්වා ඇති බව යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවසනවා.
යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දෙන්නේ දෙමළ ජනතාවගේ සංස්කෘතික, කලා කටයුතු සුරක්ෂිත කිරීම උදෙසා තමිලාරච්චි මානාඩු වැඩසටහන පවත්වන බවයි.
වැඩසටහන වෙනුවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පි.රාධක‍්‍රීෂ්ණන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා, දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන්, ඊ.සරවනබවන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා නියෝජිතයින්, දෙමළ භාෂා ප‍්‍රවීණ දේශකයින්, ලේඛකයින්, සංගීතඥයින්, ප‍්‍රදේශවාසීන් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියා.