Tuesday, September 24, 2024

General line - 0115112241

දැරියකට මරු කැඳවූ දඹුල්ලේ රිය අනතුර ගැන පරීක්ෂණ ඇරඹේ




එකොළොස් හැවිරිදි දැරියකට මරු කැඳවමින්, දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හබරණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

වෑන් රථයක් තවත් වාහනයක් පසු කර යාමට උත්සහ දැරීමේ දී ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදු වුණා. 

අනතුරෙන් මිය ගියේ හිරිවඩුන්න ප්‍රදේශයේම පදිංචිව සිටි 11 හැවිරිදි දැරියක්. 

වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය කියා සිටියේ. 

අනතුරත් සමඟ ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසීන් පාලනය කර, පොලිසිය විසින් වෑන් රථය හා රියදුරු සිය භාරයට ගෙන තිබෙනවා.