Tuesday, September 24, 2024

General line - 0115112241

ආවා කල්ලියේ තවත් සාමාජිකයන් හයක් අත්අඩංගුවට (UPDATE)




පසුගියදා කෝපායි පොලිස් වසමේ දී රාජකාරි නිරතවෙමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු කපාතුවාල කිරීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට  ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙම සැකකරුවන් අතර පොලිස් නිලධාරින්ට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාල එක් සැකකරුවෙකු වන තිරුණල්වේල්, යාපනය ප්‍රදේශයේ පදිංචි සත්‍යවේල්, කාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් යන අය මෙම සිද්ධියට පැමිණි ප්‍රධාන සැකකරු බවටත්, එමෙන්ම ඔහු ආවා නැමැති කල්ලිය මේ වන විට මෙහෙයවන තැනැත්තා බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා අද (07) දින උදෑසන පිටකොටුවේදී ද තවත් එක් සැකකරුවෙකු ඊයේ දින රාත්‍රියේ මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද දින උදෑසන යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මේ අනුව ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 06 දෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස්පතිතුමාගේ ඍජු අධික්ෂණය යටතේ ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරමින් පවතිනවා.

සැකකරුවන් සන්තකයේ තිබී කඩු 02ක්ද මේ වන විට සොයාගෙන තිබෙනවා.

-----------------------------------------------

ආවා කල්ලියේ ප්‍රබලයෙකු ඇතුළු හතරක් කොළඹ දී අත්අඩංගුවට (07-08-2017 15:12)

ආවා කල්ලියේ තවත් නායකයෙකු ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කොළඹ ප්‍රදේශයේදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.