Tuesday, September 24, 2024

General line - 0115112241

තහනම් ශාකයක් හා තවත් නීති විරෝධී දෑ සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට 




විදෙස් ගමන් බලපත්‍ර නොමැතිව රැදී සිටි චීන ජාතිකයෙකු කොල්ලුපිටිය පොලිසිය වෙත ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එහිදී සිදුකරන ලද පරීක්ෂණ අනුව ඔහු සන්තකයේ තිබී නීති විරෝධී මත්පැන් ලිටර් 20ක් හා ⁣අපනයනය කිරීමට තහනම් ඖෂධ ශාකයක් වන කොතල හිඹුටු ග්‍රෑම් 2200ක් පමණ ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. 

මෙම සැකකාර චීන ජාතිකයා අද (07) කොටුව ⁣මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.