Tuesday, September 24, 2024

General line - 0115112241

මහනුවර රන්දෝලි - රුහුණු කතරගම අවසන් පෙරහැර එළි බසින්න සූදානම් 




මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ 2017 ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර තව නොබෝ වේලාවකින් ආරම්භ වනවා. 

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ 2017 ඇසළ මංගල්‍යය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව බැතිබර දායකත්වය ලබාදෙනවා.

මේ අතර ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2017 පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැරද අද (07) රාත්‍රීයේ විථී සංචාරය කිරීමට නියමිතයි. 

පෙරහැර ආරම්භ කිරීමට පෙර ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට ලැබුණු පඬුරු වලින් කොටසක් කිරිවෙහෙරට පූජා කිරීමද සිදුවනවා. 

පෙරහැර දැක බලා ගැනීම සඳහා මේ වනවිටත් බොහෝ පිරිස් කතරගමට පැමිණ සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු එන්.කේ නන්දසේන පැවසුවේ.