Tuesday, September 24, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සියළු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන්නැයි විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන්ම ඔවුන්ට සහාය දෙන සියළු දෙනාටද එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. 

එහි ලේකම් ආචාර්ය චන්න ජයසුමනගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කැබිනට් අමාත්‍යවරුන්ගේද සහය ලැබෙන්නේ දැයි මහජනතාව තුළ සැකයක් ඇති වී තිබෙන බවයි.  

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යටතේ පරිපාලනය වන සතොස ආයතනයේ කන්ටේනරයක් තුළ සීනි සමග සඟවා තිබී කොකේන් තොගයක් හමුවීම ඊට ආසන්න උදාහරණය ලෙස සිහිපත් කර දී තිබෙනවා.  

මීට පෙරද විවිධ ස්ථානවලින් සීනි සමග සඟවා තිබි කොකේන් තොග සොයාගත් නමුත් ඒවාට වරදකරුවන් වූ කිසිවෙකුද නොමැති බවයි මෙම ලිපියේ සඳහන්ව ඇත්තේ. 

අදාළ කොකේන් තොගවලට සිදුවූ දෙයක්ද දැන ගැනීමට නැතැයි ආචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර තිබෙනවා.