Tuesday, September 24, 2024

General line - 0115112241

පාලන මිලට සහල් අළෙවි කළ නොහැකි බව ව්‍යාපාරිකයන් කියයි 




නියම කර ඇති පාලන මිලට දේශීය සහල් අළෙවි කළ නොහැකි බව ව්‍යාපාරිකයන් පවසනවා. 

සහල්වල නිෂ්පාදන වියදමද නියම කර ඇති මෙම පාලන මිලට වඩා වැඩි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මේ මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ඉකුත් 4 වනදා සිට බලාත්මක වන පරිදි නිකුත් කෙරුණු ගැසට් නිවේදනයකින් සහල් සඳහා අදාළ පාලන මිල නියම කෙරුණා.

ඊට අනුව දේශීය සම්බා සහල් සඳහා උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑම් එකකට රුපියල් 90ක් ද විදේශීය සම්බා සහල් සඳහා උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑම් එකකට රුපියල් 80ක්ද වනවා. 

දේශීය නාඩු සහල් සඳහා උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑම් එකකට රුපියල් 80ක්. 

විදේශීය නාඩු සහල් අළෙවි කළ හැක්කේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 75ක් වන උපරිම සිල්ලර මිළකටයි. 

දේශීය කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑම් එකක් රුපියල් 78ක් ද විදේශිය කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑම් එකකට රුපියල් 65ක් ද වනවා.