Tuesday, September 24, 2024

General line - 0115112241

උසස් පෙළ විභාගය හෙට ඇරඹේ




මෙවර උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ වනවා. අයදුම්කරුවන් තුන්ලක‍ෂ පහලොස් දහස් දෙසිය විසිහත් දෙනෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතයි. 

මධ්‍යස්ථාන 2,230 කදි විභාගය පැවැත්වෙනවා. විභාගයට පෙනීසිටින අයදුම්කරුවන්, ස්මාර්ට් අත් ඔරලෝසු, ජංගම දුරකතන සහ විද්‍යුත් උපකරණ මගින් වංචා සිදු කරන්නේද යන්න අවධානයෙන් සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව ශාලාධිපතිවරුන්ට දන්වා තිබෙනවා. 

වංචා සිදු කරන අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන කිසිදු විභාගයකට පෙනී සිටීම, වසර 05ක් තහනම් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම්.එන්.ජේ පුෂ්පකුමාර සඳහන් කළේ.